ට්‍රැක්ටර් අලෙවි නියෝජිත වාර්ෂික සමුළුවේදී ත්‍රිත්ව දියත්කිරීම

ප්‍රථම අවස්ථාවට දිවයිනෙන් බැහැරව මහින්ද්‍රා ට්‍රැක්ටර් අලෙවි නියෝජිත සමුළුව ඉන්දියාවේ කොචි හි දි පවත්වන ලදී. 2016 මැයි මස 6වන දින පැවති සමුළුව තවත් සුවිශේෂී අවස්ථාවක් වූයේ එය අර්ජුන් නාවෝ ශ්‍රේණිය සහ යුවෝ ශ්‍රේණිය, සහ ප්‍රධාන මෙවලම්වන විශ්‍රමණකය, වී පැළ සිටුවීම් යන්ත්‍රය සහ රෝපකය  යන මහින්ද්‍රා ට්‍රැක්ටර්හි  ත්‍රිත්ව එළදැක්වීමේ අවස්ථාව වීමයි. ජේ ඩබ්ලිව් මැරියට් හි දී පැවති මෙම සුවිසල් දියත්කිරීම කොළඹ පිහිටි ප්‍රධාන බෙදාහැරිම් හවුල්කරු වන  ඩිමෝ (DIMO) පුද්ගලික සමාගමේ සහාය ඇතිව සංවිධානය කරන ලදී.

මෙම සමුළුව ආරම්භ කරන ලද්දේ නිෂ්පාදනය දියත්කිරීමට පෙර සිදුකළ සාම්ප්‍රදායික පිළිගැනීමක් සමගිනි. නවීන, උසස් ට්‍රැක්ටර් සහ උපාංග විසින් 'තිරසාර ගොවිපල තාක්ෂණික සමෘද්ධිය' සපයාලීමෙහි ලා පවතින සමාගමේ දර්ශනය සැබෑ කිරීමට පෙනී සිටින අතරම වෙළෙඳපොළ අවශ්‍යතා පූර්ණ ලෙසම සපුරාලයි. එබැවින් ඔවුන් අලෙවි නියෝජිත සහෝදර ජනතාව අතර ඉහළම මට්ටමේ විශ්වාසය දිනා ගත්හ.

මෙම අවස්ථාවට අලෙවි නියෝජිතයින් සහ මහින්ද්‍රා සහ DIMO (ඩිමෝ) සමූහයන් ඇතුළුව ප්‍රධාන නිලධරයන් 80 කට අධික පිරිසක් සහභාගී වූහ. DIMO (ඩිමෝ) සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා; උප සභාපති සහ ජාත්‍යන්තර මෙහෙයුම් ප්‍රධානී (AFS) – දකුණු ආසියාව සන්ජේ ජදේව් මහතා; DIMO (ඩිමෝ) ප්‍රධාන විධායක නිලධාරී ඝහනාත් පණ්ඩිතගේ මහතා; ජේෂ්ඨ සාමාන්‍යාධිකාරී, නිෂ්පාදන සහ අලෙවි (IO-ට්‍රැක්ටර්) සුබෝධ් අරෝරා මහතා; සාමාන්‍යාධිකාරී, පාරිභෝගික සේවා (IO-ට්‍රැක්ටර්) මධේව් කේල්කාර් මහතා; DIMO (ඩිමෝ) කෘෂී යන්ත්‍රෝපකරණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගිහාන් ප්‍රනාන්දු මහතා; අලෙවි කළමනාකරණ ශ්‍රී ලංකාව සජී වාගේෂ් මහතා ස්වකීය සහභාගිත්වයෙන් අවස්ථාවට අනුග්‍රහය දැක්වූහ.

අලෙවි නියෝජිතයින් F’16 පෙන්වන ලද තම කැපී පෙනෙන කාර්යසාධනය වෙනුවෙන් අලෙවි නියෝජිතයින්ට උපහාර දැක්වීමත් සමඟින් සැමරුම් සටහනක් සමඟින් උත්සවය අවසන් විය. නව නිෂ්පාදන පෙළක් පිළිබඳව මහත් උද්යෝගයට පත්වූ සම්බන්ධිත සහකරුවන් සමඟින් එය අතිශය සාර්ථකත්වයට පත්විය. එය මහින්ද්‍රා සන්නාමය සමඟ ඔවුනගේ සහාය මෙන්ම අපගේ බෙදාහැරීම් නියෝජිතවන DIMO (ඩිමෝ) සමාගම ශක්තිමත් බවට පත්වීමේ සහතික වෙඩිමුරයක් විය.
ට්‍රැක්ටර් අලෙවි නියෝජිත වාර්ෂික සමුළුවේදී ත්‍රිත්ව දියත්කිරීම