සේවා ප්‍රමිතිය ඉහළ නැංවීම
07 January 2025
ඩිමෝ විසින් අතිමහත් වටිනාකමක් එකතු කරන ලද වැඩසටහනක් තුළ සේවා සැපයුම් මට්ටම ඉහළ නැංවීම සඳහා මෙන්ම අලෙවි ජාලය හරහා එහි සමරූපීයතාවය සහතික කරලීම පිණිස නියෝජිතයින් 25 දෙනෙකුට අනුපූරක සේවා කට්ටල බෙදාදීම සිදුකරන ලදී. එම් ඇන්ඩ් එම් ලිමිටඩ් ශ්‍රී ලංකා දේශ ප්‍රධානි සාගර් භද්කම්කර් මහතා වෙතින් අලෙවි නියෝජිතයන් ස්වකීය කට්ටල ලබා ගත්හ.
ඉතා වැදගත් විශේෂිත මෙවලමක්, බිත්ති සටහනක් සහ කොටස්වල නාමාවලියේ දෘඪ පිටපත සහ Yuvo සඳහා පුහුණු ද්‍රව්‍යය, ව්‍යවර්ථ රෙංචිය , යතුරු පුවරුව හා පිරවුම් පරිමාණය සහ කාර්මික ශිල්පින්ගේ උඩුකබායන් එයට ඇතුළත් විය. සේවා කට්ටලයට අමතරව Yuvo සමාගමේ නඩත්තුව පිළිබඳ දින අර්ධයක පුහුණු වැඩසටහන ද අලෙවි නියෝජිතයන් සඳහා පවත්වන ලදී.
2018 දෙසැම්බර්