අප පිළිබඳව
මහින්ද්‍රා සමග එක්ව, සවිමත්ව දියුණුව කරා පියනගන්න.
වසර 15 කට වැඩි කාලයක් තිස්සේ මහින්ද්‍රා ට්‍රැක්ටර් මෙරට ගොවි ප්‍රජාවන්ට ශක්තිමත්ව දියුණුව කරා යාමට අත්වැලක් සපයමින් සිටී.
කුඹුරු වැඩ වලට විශේෂයෙන් සුදුසු සහ බෙහෙවින් ජනප්‍රිය අපගේ අශ්ව බල 35 – 50 කාණ්ඩයේ ට්‍රැක්ටර් එකතුව ශ්‍රී ලංකාවේ විවිධ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් පෙරමුණ ගෙන තිබේ. විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව සහ, වේගයෙන් පුළුල් වන අලෙවි නියෝජිත ජාලය ඇතුළු සාධක රැසක් නිසා මෙරට තුළ විශාල පිළිගැනීමක් දිනාගැනීමට මහින්ද්‍රා ට්‍රැක්ටර් සමත් වී ඇත.
වර්තමානයේ මහින්ද්‍රා ට්‍රැක්ටර් ඉන්ධන පිරිමැස්ම සහ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් හිමිකරගෙන සිටී. බොහෝ කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සඳහා අපගේ ට්‍රැක්ටර් බහුලව භාවිතා වේ.
මෙරට ගොවි මහතුන්ගේ විශ්වාසය දිනාගනිමින්, ඔවුන්ට දිනෙන් දින දියුණුව කරා යාමට අපි නව මංපෙත් විවර කර දෙන්නෙමු.
අපගේ ට්‍රැක්ටර් සහ කෘෂි උපකරණ සඳහා සේවාවන් සපයනු ලබන්නේ දිවයින පුරා විසිරුණු Diesel and Motor Engineering PLC (ඩිමෝ) ජාලය මගිනි. එහි ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා ඇත.