විශිෂ්ඨ දියත්කිරීමක්

විශේෂඥ ට්‍රැක්ටර් පෙළක් වන YUVO දැවැන්ත පරිමාණයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ මහින්ද්‍රා විසිනි. අශ්වබල 30-45 කාණ්ඩ පරාසයක විශිෂ්ටතම තාක්ෂණයෙන් යුක්ත ට්‍රැක්ටර්, වැඩි ආවරණ පථයක්, වේගවත් මෙහෙයුම් සහ වඩා හොඳ සේවාවක් ලබා දීමට ප්‍රතිඥා ලබාදෙයි. දියත්කිරීම අතරතුර, මහින්ද්‍රා නියෝජනය කරනු ලබන විශාලතම ට්‍රැක්ටර් ප්‍රදර්ශනාගාරය වන DIMO හි ප්‍රධානතම බෙදාහරින්නන් 10 දෙනා සහ ප්‍රධාන ගණුදෙනුකරුවන් ඒ සඳහා සහභාගි වූහ.

එය මෑතකදී සිදුකරන ලද ඉතා කැපී පෙනෙන දියත් කිරීමක්, සහ Arjun NOVO ගෙන් පසුව වසරක් ඇතුළත පැවති දෙවන දොරට වැඩීම වූ බැවින් ඒ පිළිබඳ විශාල උනන්දුවක් පැවතිණි. මෙම වැඩසටහනට පාරිභෝගිකයින් 10 දෙනෙකු වෙත නව ට්‍රැක්ටර් බෙදා දීම සමඟින් නිෂ්පාදන ප්‍රදර්ශනයක් ද ඇතුළත් විය. උත්සවය අමතමින්, මහින්ද්‍රා සහ මහින්ද්‍රා ලිමිටඩ්, උප සභාපති, ජාත්‍යන්තර මෙහෙයුම් ප්‍රධානී – AFS (දකුණු ආසියාව) සන්ජේ ජධාව් මහතා විසින් මෙසේ අදහස් දක්වන ලදී. “ලොවපුරා සිටින ගොවි ජනතාවට තාක්ෂණයෙන් මෙහෙයවනු ලබන කෘෂී විශේෂඥ විසඳුම් ලබාදීමේ පෙරගමන්කරු බවට පත්වීමටත් එමඟින් සමෘද්ධිමත් හෙටදිනක් ඔවුනට උදාකරදීමට හැකියාව ලබාදීමටත් මහින්ද්‍රා විසින් අපේක්ෂා කරනු ලබනවා, හුරුබුහුටි මහින්ද්‍රා YUVO (යුවෝ) ශ්‍රී ලංකාව තුළ දියත්කිරීම මෙම මෙහෙයුමේ එක් පියවරක් ”

DIMO (ඩිමෝ) කළමනාකරණ අධ්‍යක්ෂ චන්න මහතා අදහස් දක්වමින් “ පසුගිය දශක දෙකක කාලය තුළ මහින්ද්‍රා ට්‍රැක්ටර් සමඟින් එකට එක්ව අපි අපගේ ජාතියෙහි මුල්බැසගත් ගොවිතැන් සම්ප්‍රදායන් තව දුරටත් ගොඩ නැංවිම පිණිස කෘෂි විසඳුම් සපයා දෙමින් ඉඳලා තියෙනවා, මෙම නව ඉදිරිපත් කිරීම සමඟින් වඩා හොඳ නිමැවුමක් සහ වැඩි ආදායමක් සමඟින් නවීකරණය කරන ලද ‍ගොවිතැන් විසඳුම් සැපයීම සම්බන්ධයෙන් ඉදිරි පියවරක් තැබීමට අපේක්ෂා කරනවා” යනුවෙන් පැවසීය.

2017 ජූලි
විශිෂ්ඨ දියත්කිරීමක්