නිෂ්පාදනය

මහින්ද්‍රා දිගු කලක පටන් නිෂ්පාදන වල විශිෂ්ට ප්‍රමිතිය සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලයි. ඒ නිසාම Japan Quality Medal සහ Demming Application Prize වැනි ඇගයුම් මහින්ද්‍රා වෙත හිමි වී ඇත.

පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය වූ එන්ජින් එකලස් කිරීමේ යන්ත්‍රාගාරයක් මහින්ද්‍රා සතු ය. දුහුවිලි ඇතුළු නොවන සහ, තෙතමනය හා උෂ්ණත්වය පාලනය කිරීමේ පහසුකම් සහිත මෙහි Online Cold Testing පහසුකම් ඇත. CED Paint Shop යනු ට්‍රැක්ටර් කර්මාන්තයේ සුවිශේෂීම පින්තාරු අංශයක් වන අතර, එය මෝටර් රථවාහන කර්මාන්තයේ භාවිතා වන ආකාරයේ උසස්ම තත්ත්වයේ වර්ණ ආලේපන තාක්ෂණයන් භාවිතා කරයි.

ඉන්දියාවේ එක් කර්මාන්තශාලාවක් සමගින් ආරම්භ වූ මහින්ද්‍රා මේ වනවිට මේ වනවිට ලොව පුරා නිෂ්පාදන ඒකක 6 ක් සහ එකලස් කිරීමේ ඒකක 12 ක් ස්ථාපිත කර ඇත.

නිෂ්පාදනය
එකලස් කිරීම
කර්මාන්තශාලා 6 ක් – ඉන්දියාවඕස්ට්‍රේලියාවේ ඒකක 1 ක්
අප්‍රිකානු මහාද්වීපයේ ඒකක 5 ක්
උතුරු ඇමරිකාවේ ඒකක 6 ක්

ඝානාව, නයිජීරියාව, ගැම්බියාව, චැඩ් සහ මාලි යන රටවල පිහිටි මහින්ද්‍රා එකලස් කිරීමේ කර්මාන්තශාලා, යාන්ත්‍රිකකරණයේ සිට තරුණ පරපුරට රැකියා ලබාදීම දක්වා කෘෂිකාර්මික ප්‍රතිපත්ති හා වැඩසටහන්  ක්‍රියාවට නැංවීම සඳහා එම රජයන් සමග අත්වැල් බැඳගෙන කටයුතු කරන අතර, අපගේ ගොවි-තාක්‍ෂණික සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පදනමක් වශයෙන්ද ක්‍රියා කරයි.