Research &
Development

Advanced Technology
අපගේ ජාත්‍යන්තර අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය උසස්ම තාක්ෂණය සහ, රටින් රටට විශේෂ වූ නිෂ්පාදන හඳුන්වා දීම සඳහා අප ස්වාධීන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන ජාලයක් ස්ථාපිත කර ඇත. මේ වනවිට අප Sampo Rosenlew, Mitsubishi සහ Hisarlar සමග හවුල්කාරීත්වයන් ගොඩනංවාගෙන ඇති අතර, රටවල් 40 කට අධික සංඛ්‍යාවක අපගේ ට්‍රැක්ටර් භාවිතා වේ. මෙය අප ජාත්‍යන්තරය ජයගැනීම පිළිබඳ පුවතේ ආරම්භයේ පමණි.

පහත සඳහන් රටවල අපගේ අති-නවීන පර්යේෂණ, සැලසුම් හා සංවර්ධන මධ්‍යස්ථාන පිහිටා ඇත.

ඉන්දියාව
තුර්කිය
ජපානය
ෆින්ලන්තය

ආයෝජනයන්

මූලික ආයෝජනය කෝටි 7650 කට අධික ය.
ඉංජිනේරුවන්: 2500 කට අධික ය.
පර්යේෂණාගාර: 32
ඉන්දියාව තුළ ඉදිරිපත් කර ඇති පේටන්ට් බලපත්‍ර ඉල්ලීම් ගණන: 626
ජාත්‍යන්තර වශයෙන් ඉදිරිපත් කර ඇති පේටන්ට් බලපත්‍ර ඉල්ලීම් ගණන: 106

තාක්ෂණය:

පේටන්ට් බලපත්‍ර හිමි mCRD™ තාක්ෂණය: මහින්ද්‍රා කොමන් රේල් ඩීසල් එන්ජින් වල කාර්යක්ෂමතාව වැඩි අතර සංකීර්ණත්වය අඩු ය. එය වියදම් අඩු තාක්ෂණයක් වන අතර වඩාත් පිරිසිදු විමෝචන වායු නිකුත් කරයි.

රියදුරන් රහිත ට්‍රැක්ටර් තාක්ෂණය: කුඩා ඉඩම් හිමි ගොවි මහතුන්ගේ වගා කටයුතු යාන්ත්‍රිකකරණය කිරීම සඳහා ලොව පුරා නව ප්‍රව්ශයක් හඳුන්වා දීම සඳහා

Smart Eye Drive තාක්ෂණය: වියදම අතින් තරගකාරී, ඉහළ නිරවද්‍යතාවක් සහිත ස්වයංක්‍රීය සුක්කානම් පද්ධතියකි.

Digisense: මහින්ද්‍රා ට්‍රැක්ටර් හිමිකරුවන්ට දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම ස්ථානයක සිට alerts ලබාගැනීමටත්, තම ට්‍රැක්ටර් වල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමටත් අවස්ථාව සලසා දෙන ස්මාර්ට් තාක්ෂණයකි.

Trringo: ගොවි මහතුන්ට අවශ්‍ය අවස්ථාවන් වලදී ට්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ කුලී පදනම මත ලබාගැනීමට හැකිවීම සඳහා හඳුන්වා දුන්, ඉන්දියාවේ ප්‍රථම ඩිජිටල් සේවවායි.

අපගේ අවධානය යොමුවන ප්‍රධාන අංග::

1. නව ප්‍රවණතා

අ. පේටන්ට් බලපත්‍ර හිමි mCRD™ තාක්ෂණය: මහින්ද්‍රා කොමන් රේල් ඩීසල් එන්ජින් වල කාර්යක්ෂමතාව වැඩි අතර සංකීර්ණත්වය අඩු ය. වියදම් අඩු තාක්ෂණයක් වන එය වඩාත් පිරිසිදු විමෝචන වායු නිකුත් කරයි. .

ආ. Driverless Tractor තාක්ෂණය: කුඩා ඉඩම් හිමි ගොවි මහතුන්ගේ වගා කටයුතු යාන්ත්‍රිකකරණය කිරීම සඳහා ලොව පුරා නව ප්‍රව්ශයක් හඳුන්වා දී ඇත.

ඇ. Smart Eye Drive තාක්ෂණය: වියදම අතින් තරගකාරී, ඉහළ නිරවද්‍යතාවක් සහිත ස්වයංක්‍රීය සුක්කානම් පද්ධතියකි.

ඈ. මහින්ද්‍රා ට්‍රැක්ටර් හිමිකරුවන්ට දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම ස්ථානයක සිට alerts ලබාගැනීමටත්, තම ට්‍රැක්ටර් වල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමටත් අවස්ථාව සලසා දෙන ස්මාර්ට් තාක්ෂණයකි.

ඉ. Trringo: ගොවි මහතුන්ට අවශ්‍ය අවස්ථාවන් වලදී ට්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ කුලී පදනම මත ලබාගැනීමට අවස්ථාව ලබාදීම සඳහා හඳුන්වා දුන්, ඉන්දියාවේ එම වර්ගයේ ප්‍රථම ඩිජිටල් සේවාවයි.

2. නිරන්තරයෙන් වැඩිදියුණු කරමින්

අ. ගොවිපොළ අංශය මේ වනවිට පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි සැලසුම් කරන ලද විසඳුම් හඳුන්වා දීම සඳහා වැඩි අවධානයක් යොමුකර තිබේ. අපගේ පරීක්ෂණ මධ්‍යස්ථාන ලොව විශිෂ්ටතම තලයේ පහසුකම් වලින් සමන්විත වන අතර, අපගේ පරීක්ෂණ රැසක් සඳහා NABL සහතිකය හිමිවී ඇත.

ආ. නිෂ්පාදන අත්හදා බැලීම්, පර්යේෂණ සහ තත්ත්ව විශ්ලේෂණ සඳහා ගතවන කාලය අවම කරමින්, නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම පියවරක්ම වඩාත් කාර්යක්ෂම කිරීමට අප පියවර ගෙන ඇති අතර, එමගින් නවීන තාක්ෂණයන් වඩාත් ඉක්මනින් පාරිභෝගිකයන් වෙත සමීප කරවීමට අපට හැකිවී තිබේ.

ඇ. Fatigue Test Lab හි පිහිටි Homologation පරීක්ෂණ මධ්‍යස්ථානය (Roll-Over Protection Structure සඳහා), ඉන්දියාවේ මුල් නිෂ්පාදකයන් සතු එබඳු මධ්‍යස්ථාන අතරින් ඉන්දියාවේ NABL, ජර්මනියේ TU Nord සහ එක්සත් රාජධානියේ VCA සහතික ලත් එකම මධ්‍යස්ථානයයි.

3. විශ්ව විද්‍යාලයීය සම්බන්ධතා

නව සොයාගැනීම් සිදුකිරීමට නම් ශිෂ්‍ය ප්‍රජාවගේ චින්තනයෙහි වෙනසක් සිදුකළ යුතු බව මහින්ද්‍රා විශ්වාස කරයි. ඒ නිසා අපි ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් හි College of Engineering හි ජීව විද්‍යා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා අනුග්‍රාහකත්වය ලබාදී ඇත්තෙමු.

Powertrain Development මධ්‍යස්ථානය

ප්‍රාග්දර්ශ (Prototype) නිෂ්පාදනය

• ප්‍රාග්දර්ශ ඉදිකිරීම හා ගලවා ඉවත් කිරීම

• විශ්ලේෂණය කිරීම

• එන්ජින් සූදානම් කිරීම

කල්පැවැත්ම තහවුරු කිරීම

Durability Lab එන්ජින් පරීක්ෂාවේදී වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. එදිනෙදා ප්‍රායෝගික භාවිතයේදී එන්ජිම ක්‍රියාකරන ආකාරය පරීක්ෂාවට ලක්කරනු ලබන්නේ Durability Lab මගිනි.

ක්‍රියාකාරීත්වය සහ වායු විමෝචනය තහවුරු කිරීම

Transient & Steady State Testing, for raw emissions, combustion analysis equipment, smoke meter, particulate measurement, conditioned air (temp/pressure/humidity) ඇතුළු පරීක්ෂණ අපි සිදුකරන්නෙමු. PTO බලය, ඉන්ධන පරිභෝජනය සහ සිසිලන ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් අපගේ PTO පරීක්ෂණාගාරය NABL සහතිකකරණය හිමිකරගෙන ඇත.

Mahindra Research Valley

චෙන්නායි හි අක්කර 125 ක භූමි ප්‍රදේශයක පිහිටා ඇති Mahindra Research Valley (MRV) හි ඉදිකළ Mahindra World City මධ්‍යස්ථානය තුළ ඉංජිනේරුවන්, සැලසුම් ශිල්පීන් සහ චින්තකයන් 2500 කට අධික පිරිසක් සේවයෙහි නිරත වී සිටිති. සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී චාල්ස් කොරයා විසින් සැලසුම් කරන ලද Mahindra World City ඉදිකරන ලද්දේ ඇමරිකානු ඩොලර් මිලියන 159 ක ආයෝජනයකිනි. Mahindra Research Valley, මහින්ද්‍රා සමාගම තාක්ෂණික නවෝත්පාදනයන් සඳහා දක්වන උනන්දුවට මනා සාක්ෂියක් වේ.

Mahindra Research Valley හි උසස් පර්යේෂණාගාර

NVH Lab

ශබ්දය, කම්පනය හා රළු බව අවම කර උපරිම පහසුව ළඟා කර දීමත්, වෙළඳපොළේ විශේෂ වූ අවශ්‍යතාවන්ට අනුව නිෂ්පාදන සැලසුම් කිරීමත්, අපගේ NVH පර්යේෂණාගරයේ මූලික අරමුණයි. Semi-anechoic Chamber සහ Engine Dynamometer Assist මගින් සැබෑ ලෝකයේ තත්ත්වයන් අනුකරණය කෙරෙන නිසා නිෂ්පාදන සැලසුම් කිරීමේදී සත්‍ය භාවිතාවන්ට උචිත ලෙස සැලසුම් කළ හැකි වේ.

Proto Machine Shop

මෙහිදී උසස් තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලකින් යුතුව යන්ත්‍රෝපකරණ අමතර කොටස් නිපදවනු ලබන අතර, ඒවා ට්‍රැක්ටර් වල යොදා විවිධ ක්‍රමවේදයන් ඔස්සේ පරීක්ෂාවන්ට ලක්කරනු ලැබේ. මෙමගින් යන්ත්‍රෝපකරණ කොටස් වල සැලැස්ම ගැන මෙන්ම, ට්‍රැක්ටර් වල තත්ත්වය හා ක්‍රියාකාරීත්වය ගැනද වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි ය.

Fatigue Test Lab

ක්‍රියාකාරීත්වය හා ශක්තිය තහවුරු කරගැනීම සඳහා accelerated test track තත්ත්වයන් යටතේ ගොවිපළ උපකරණ දැඩි පරීක්ෂාවකට භාජනය කරනු ලබයි. Fatigue Test Lab හි පිහිටි, පෙරළීමකදී ලැබෙන ආරක්ෂාව (oll-Over Protection Structure) සම්බන්ධ අනුමතකරණ පරීක්ෂණ මධ්‍යස්ථානය (Homologation test facility), ඉන්දියාවේ මුල් නිෂ්පාදකයන් සතු එබඳු මධ්‍යස්ථාන අතරින් ඉන්දියාවේ NABL, ජර්මනියේ TU Nord සහ එක්සත් රාජධානියේ VCA සහතික ලත් එකම මධ්‍යස්ථානයයි. .

පද්ධති තකසේරුකරණ පර්යේෂණාගාරය
නිෂ්පාදන සැලසුම් පරීක්ෂා කර, පද්ධති මට්ටමින් තහවුරු කරගැනීමෙන් අනතුරුව නව ට්‍රැක්ටර් නිෂ්පාදන හඳුන්වා දීම මෙහි මූලික කාර්යභාරයයි. මෙහිදී මහින්ද්‍රා ප්‍රමිතීන්ට මෙන්ම IS සහ ISO ප්‍රමිතීන්ට අනුව ක්‍රියාකාරීත්වය හා කල්පැවැත්ම සම්බන්ධ පරීක්ෂණ සිදුකෙරේ. එමෙන්ම මෙහිදී RWUP අනුව නව පරීක්ෂණ ක්‍රමවේද නිර්මාණය කිරීම, අසාර්ථක වීම් අනුකරණය කිරීම සහ CAE vs. physical co-relations වැනි පරීක්ෂණද සිදුකරනු ලබයි. මෙම පර්යේෂණාගාරය තුළ NABL සහතිකකරණය ලද පරීක්ෂණ 15 ක් සිදුකරනු ලබන අතර, හයිඩ්රෝලික් ක්‍රියාකාරීත්ව පරීක්ෂණය සඳහා VCA සහතිකකරණය හිමි වී ඇත.