MODEL | ENGINE HP | PTO HP | LIFT CAPACITY | OPERATING WEIGHT | CYLINDER |
---|---|---|---|---|---|
575 DI 2WD | 45 | 41.1 | 1500 | 2020 | 4 |
415 DI 2WD | 39 | 35.5 | 1500 | 2020 | 4 |
575 DI 4WD | 45 | 41.1 | 1500 | 2095 | 4 |
26% ක් වැඩිපුර back up torque: බලවත් එන්ජිමක් ඇති නිසා දැඩි පොළොවක වුවද පහසුවෙන් වැඩ කළ හැක. වැඩි බලයක්: වඩාත් විශාල අමතර උපාංග සමග වැඩ කිරීමේ හැකියාව. අඩු ඩීසල් ප්‍රමාණයකින් වැඩි භූමි ප්‍රදේශයක් ආවරණය කරන නිසා ඉතිරියත් වැඩි වෙයි. සේවා පරතරය පැය 400: වැඩි සේවා පරතරය නිසා සෑම වසරකදීම එක් සේවා වාරයක් බැගින් අඩු වෙයි. Dry type එයාර් ක්ලීනරය: එයාර් ක්ලීනරය පිරිසිදු කිරීමට වැයවන කාලය අවමයි. නඩත්තුව පහසුයි. Parallel cooling system: එන්ජිම වැඩි කාලයක් අඩු උෂ්ණත්වයක පවතින නිසා වැඩි කාලයක් වැඩ කළ හැකියි.
Full Constant mesh ට්‍රාන්ස්මිෂන් පද්ධතිය පහසුවෙන් මෙහෙයවිය හැකි ලීවර සමග පැමිණෙන නිසා අවම වෙහෙසකින් යුතුව වැඩ කළ හැකි වේ. ඉදිරියට ගියර් 12 සහ පසුපසට ගියර් 3 නිසා ඕනෑම අමතර උපාංගයක් සමග වැඩි වේගයකින් වැඩ කළ හැක. පසුපස ඇක්සලයේ oil-immersed තිරිංග මගින් වැඩි කාර්යක්ෂමතාවක් සහ වැඩි ආරක්ෂාවක් ලැබේ. Planetary drive වැඩි ශක්තියක් හා විශ්වාසනීයත්වක් සහතික කරයි. අඩු වෙහෙසකින් හැසිරවිය හැකි, සරල හා විශ්වාසනීය dual clutch පද්ධතිය, ආයාසයකින් තොරව ගියර දැමීමටත්, දීර්ඝ කාලයක් භාවිතා කිරීමටත් හැකි වන පරිදි සැලසුම් කර තිබේ.
බලසම්පන්න හයිඩ්රෝලික්ස් සඳහා අධි තාක්ෂණික පාලන වෑල්ව ක්‍රමයක් සමග බෙල් ක්‍රෑන්ක් දෙකක් සහිතව සැලසුම් කර ඇති අතර, එය ඕනෑම පොළොවක් සඳහා නිසි සංවේදීතාව සහිතව, කළ යුතු කාර්යය නිවැරදිව ඉටුකරයි. එහි එසවීමේ හැකියාව කිලෝග්‍රෑම් 1500 ක් වන නිසා බරින් වැඩිම උපාංග පවා පහසුවෙන් හැසිරවිය හැක. වැඩි ධාරිතාවක් සහිත pump flow එකක් ඇති නිසා පවර් ස්ටියරින් මෙන්ම ටිපින් ට්‍රේලර් පහසුවෙන් මෙහෙයවිය හැකි වේ. එහි පාලන වෑල්වය පසෙකින් යොදා ඇති අතර, සේවාවන් වලදී හයිඩ්රෝලික් ගැලවීමකින් තොරව ගලවා ඉවත් කළ හැක. ශක්තිය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සවිමත් 3 point linkage එකක් යොදා තිබේ.
ක්‍රියාකරුට අවශ්‍ය පරිදි ආසනය වෙනස් කළ හැකි අතර, වෙහෙසකින් තොරව හැසිරවිය හැකි ආකාරයට පැඩ්ල් සහ පාලක යොදා ඇත. අලංකාර, සුපැහැදිලි ප්‍රධාන පහන්, නවීන දර්ශක පුවරුව, සහ වර්ණ දෙකේ ඉදිරිපස ග්‍රිල් එක එහි ආකර්ෂණීය බව තවත් වැඩි කරයි.
මෙම ට්‍රැක්ටර්වල ස්ථායිතාව සහ පාලනය සඳහා බර ඉදිරිපස බර වැඩට සුදුසු ඇක්සල් යොදා ඇත. ප්‍රමාණවත් ඇක්සල් දෝලනය නිසා ගමන සුවපහසු වන අතර සමතල නොවන බිම් වල පවා පහසුවෙන් හැසිරවිය හැකි වේ. තියුණු හැරවුම් කෝණය සීමිත ඉඩකඩක් සහිත ස්ථාන වෙත යාම හා පිටතට ඒම පහසු කරයි.