MODEL | ENGINE HP | PTO HP | LIFT CAPACITY | OPERATING WEIGHT | CYLINDER |
---|---|---|---|---|---|
605 DI -2WD | 57 | 50 | 2200 | 2550 | 4 |
605 DI 4WD | 57 | 50 | 2200 | 2780 | 4 |
755 4WD | 75 | 69 | 2600 | 3332 | 4 |
මෙම ට්‍රැක්ටර් වල යොදා ඇත්තේ naturally aspirated, 4 cylinder direct injection ඩීසල් එන්ජින් ය. අශ්ව බල 57 දී 213 Nm සහ අශ්ව බල 75 එන්ජිමේදී 305 Nm වශයෙන්, flat torque curve සමග උපරිම torque levels ලැබෙන පරිදි මෙම එන්ජින් සැලසුම් කර ඇත. එමගින් PTO සහ draft භාවිතා කිරීමේදී උපරිම ඵලදායීතාවක් ලැබේ. 28% ක් දක්වා වන විශිෂ්ට Torque reserve නිසා විශිෂ්ට බර ඇදීමේ හැකියාවක් ඇති අතර, දුෂ්කර තත්ත්වයන් වලදී නිතර ගියර මාරු කිරීම අවශ්‍ය නැත.
Standard 15F+15R, fully synchromesh heavy duty transmission පද්ධතිය අතිශයින් විශ්වාසනීය වන අතර, භාවිතය ඉතාමත් පහසු ය. සම්ප්‍රේෂණය වන ඉහළ torque මට්ටම් වලට ගැළපෙන ඉහළ ශක්තියක් සහිට්ඝ පුළුල් ගියර ඊට යොදා ඇත. තෝරාගැනීමට වේග මට්ටම් කිහිපයක් ඇති නිසා කෘෂිකර්මාන්තයට අදාළ බොහෝ ක්‍රියාකාරකම් පහසුවෙන් ඉටුකළ හැකි වේ.
4WD මාදිලි වල epicyclic reduction හේතුවෙන් ඉහළ බර ප්‍රමාණයන් රැගෙන යාමට හැකිවන අතර, ඉහළම ක්‍රියාකාරීත්වයක් ලැබෙන පරිදි නිපදවා ඇත. Responsive Hydrostatic සුක්කානම් පද්ධතියේ තියුණු සුක්කානම් කෝණය නිසා ඉඩකඩ අඩු ස්ථාන වල පවා ට්‍රැක්ටරය හොඳින් හැසිරවිය හැකි ය.
ස්ථායේ බව සහ ආරක්ෂාව තහවුරු කිරීම සනහා බරැති හා ශක්තිමත් 3 point linkages යොදා ඇත. Telescopic lower links මගින් පසුපස උපාංග ඉක්මනින් හා පහසුවෙන් සම්බන්ධ කළ හැකි වේ. Live powerful hydraulics හි උපරිම එසවීමේ ධාරිතාවන්, 57hp සඳහා කිලෝග්‍රෑම් 2200 ක්ද, 75hp සඳහා කිලෝග්‍රෑම් 2600 ක්ද වේ. මේ නිසා විශාල බරක් වුවද පහසුවෙන් හැසිරවිය හැකි ය.
සුවපහසුව සඳහා ආසන වලට කුෂන්, වෙනස් කළ හැකි සස්පෙන්ෂන් සහ ආර්ම් රෙස්ට් වැනි විවිධ අංග යොදා ඇත. සයිඩ් ශිෆ්ට් ගියර් ලීවර් සහිත, සම්පූර්ණයෙන් පැතලි මෙහෙයුම් ස්ථානය, සස්පෙන්ඩඩ් බ්රේක් සහ ක්ලච් පැඩල ආදිය නිසා දෙපා තබා ගැනීමට සහ වැඩ කිරීමට වැඩි ඉඩක් ලැබේ. මේ සියල්ල සමග suspended platform නිසා ගමනේදී පහසුව උපරිමයෙන් හිමි වේ. ඒ නිසා අවම වෙහෙසකින් දිගු කාලයක් වැඩ කිරීමේ හැකියාව ඇත.