MODEL | ENGINE HP | PTO HP | LIFT CAPACITY | OPERATING WEIGHT | CYLINDER |
---|---|---|---|---|---|
275 DI – MKM | 45 | 40 | 1485 | 2030 | 4 |
595 DI – NST | 50 | 44 | 1650 | 2025 | 4 |
මෙම ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන්, සිල්න්ඩර් 3 සහ 1900 rpm (2100 rated rpm in 595 DI) ඩීසල් එන්ජින් ඉහළම torque මට්ටමක් සමග වැඩි ඉන්ධන පිරිමැස්මක් හා කල්පැවැත්මක් ලබාදෙයි. මෙම එන්ජින් වලට යොදා ඇති සුවිශේෂී LLA තාක්ෂණය, වෙනස් වන බර සහ RPM මට්ටම් අනුව fuel injection මට්ටම වෙනස් කරමින් උපරිම ඉන්ධන පිරිමැස්මක් ලබාදීමට සමත් ය. Lower rated rpm සහිත එන්ජිම වඩාත් කාර්යක්ෂම ලෙස ක්‍රියාකාරන නිසා ගෙවී යාම් හා ක්ෂය වීම අඩු වන අතර, කල්පැවැත්ම වැඩි වේ. මෙම කාණ්ඩයේ ඉහළම rated torque අගය ඇති නිසා බර ඇදීමේදී හා කඳු නැගීමේදී ප්‍රමාණවත් තරම් බලයක් ලැබේ. වඩාත් පිරිසිදු විමෝචන වායු නිකුත් කරන මෙම එන්ජින් BS lilA සම්මතයන්ටද අනුකූල වේ.
595 DI මාදිලියේ සක්‍රීය බලසම්පන්න හයිඩ්‍රෝලික්ස් නිසා කිලෝග්‍රෑම් 1650 ක් දක්වා බර ඉසිලිය හැකි අතර, බරින් වැඩි උපාංග වුවද පහසුවෙන් හැසිරවිය හැකි වේ. බරැති හා ශක්තිමත් 3-Point Linkag මගින් ස්ථායී බව හා ආරක්ෂාව තහවුරු කරයි. භූමිය සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා භාවිතා වන උපාංග භාවිතා කිරීමේදී වඩාත් පහසුවෙන් එම කටයුතු සිදුකිරීමට standard draft control විශේෂාංගය උපකාරී වෙයි.
ඉදිරිපස ගියර් 8 සහ පසුපස ගියර් 2 සහිත හෙවි ඩියුටි ට්‍රාන්ස්මිෂන් පද්ධතිය හැසිරවීම ඉතාමත් පහසු ය. එන්ජිමේ ඉහළ බලය සහ torque මට්ටම් වලට ගැළපෙන ආකාරයට සැලසුම් කර ඇති එහි විශාල ශක්තියක් සහිත ඉතා පුළුල් ගියර යොදා ඇත. එමෙන්ම එන්ජිමේ අශ්ව බල බොහොමයක් ඇක්සල් වලට ලබාදෙන ආකාරයට, ඉතාමත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට හැකිවන පරිදි මෙම පද්ධතිය නිර්මාණය කර තිබේ. මෙමගින් ට්‍රැක්ටරයෙන් ඉහළ Drawbar බලයක් ලැබෙන අතර, අවම slippage සමග ඉහළ ඵලදායීතාවක් ලබාදෙයි. ඒ නිසා ගැඹුරු සීසෑම, වගාකිරීම සහ බිම මැඩීම සඳහා මෙය ඉතාමත් සුදුසු ය.
මෙම ට්රැක්ටර්වල ස්ථායිතාව සහ පාලනය සඳහා නවතම සැලසුමකට අනුව, බර වැඩට සුදුසු ලෝහ වලින් නිපදවන ලද “Bow type” ඇක්සල් යොදා ඇත. ප්‍රමාණවත් ඇක්සල් දෝලනය නිසා ගමන සුවපහසු වන අතර සමතල නොවන බිම් වල පවා පහසුවෙන් හැසිරවිය හැකි වේ. තියුණු හැරවුම් කෝණය සීමිත ඉඩකඩක් සහිත ස්ථාන වෙත යාම හා පිටතට ඒම පහසු කරයි. වඩාත් පහසුවෙන් හැසිරවීම සඳහා මෙම ට්‍රැක්ටර් Hydrostatic (පවර්) ස්ටියරින් සහිතවද ලබාගත හැකි වේ.
සරල හා විශ්වාසනීය diaphragm clutch සැලසුම් කර ඇත්තේ අවම වෙහෙසක් ඇතිවන සහ දිගු කාලයක් පාවිච්චි කිරීමට හැකිවන ආකාරයෙනි. 595 DI මාදිලිය සඳහා, තෝරාගත හැකි අමතර උපාංගයක් ලෙස Dual clutch සහ Reverse live PTO ලබාගත හැක. විශාල ඩිස්ක් කිහිපයක් සමග සම්පූර්ණයෙන් ආවරණය වූ, මුද්‍රා තබන ලද ආවරණයක් දෙපස තිරිංග සඳහා යොදා ඇති නිසා විශාල බරක් අදින විට පවා ඉතා හොඳ තිරිංග හැකියාවක් ලබාදෙයි. අවශ්‍ය නම් මෙම ට්‍රැක්ටර් තෙල් මගින් සිසිල් වන තිරිංග (wet discs brakes) සමග ලබාගත හැකි අතර එය ඩිස්ක් වල කල්පැවැත්මට උපකාරී වන තාක්ෂණයකි. දිගු clutch housing එකක් සහිත මෙම ට්‍රැක්ටර්, ඇතුළු වීම සහ පිටවීම වඩාත් පහසු කරන ඉඩකඩක් සහිතව සැලසුම් කර තිබේ. සියලුම පාලක පහසුවෙන් හැසිරවිය හැකි පරිදි ස්ථානගත කර ඇති අතර, හයිඩ්රෝලික් ලීවරද පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි උස්ව සැලසුම් කර තිබේ. පිළිවෙළ සහිත සුවපහසු ඇතුළත නිසා පැය ගණනක් වුවද එක දිගට ධාවනය කළ හැක.
අඩු ආයාසයක් සහිත, ඩයෆ්රම් ක්ලචය, දිගු කල් පැවැත්ම සහ මෘදු ක්‍රියාකාරීත්වය සඳහා සකසන ලද සරල සහ විශ්වසනීය උපාංගයකි. දිගු ක්ලච් කුටීරයක් සහිත මෙම ට්‍රැක්ටර් වල ඇතුළු කිරීම සහ පිට කිරීම ඉතා පහසු කරන ඉතා පුළුල් මාර්ගයක් සහිත වේ.