මූලික ලක්ෂණ

ආදර්ශයන්

MODELENGINE HPPTO HPLIFT CAPACITYOPERATING WEIGHTCYLINDER
8000 2WD8065180030854
8000 4WD8065180031354
9200 4WD9274180031554
9500 4WD9274250031804

Features

බලවත් හා කාර්යක්ෂම එන්ජිමක්

මෙම ට්‍රැක්ටර් වල ඇති turbocharged එන්ජින් බලය, ඉන්ධන පිරිමැස්ම සහ විශ්වාසනීයත්වය යන ගුණාංග සියල්ල අපූර්ව ලෙස සම්මිශ්‍රණය කරයි. Flat torque curve එකක් සමග 326 Nm තරම් ඉහළ torque මට්ටමක් ලැබෙන පරිදි මේවා සැලසුම් කර ඇති අතර, ඒ නිසාම PTO සහ Draft භාවිතාවන් වලදී උපරිම ඵලදායීතාවක් හිමි වේ.

පහසුවෙන් ගියර මාරු කළ හැකි සවිමත් ගියර පද්ධතිය

Synchromesh ගියර පද්ධතිය නිසා ගමනේදී පහසුවෙන් ගියර මාරු කළ හැක. ඉදිරිපසට ගියර 12 සමග පසුපසට ගියර් 12 මගින් කැමති වේගයක් තෝරාගනිමින් උපරිම ක්‍රියාකාරීත්වයක් ලබාගත හැකි වේ. වම් පස පිහිටා ඇති synchronized reverser මගින් බරපතළ loader සහ headland කටයුතු වලදී උපරිම ඵලදායීත්වක සඳහා පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව ලබාදෙයි. ශක්තිය, ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය සඳහා පසුපස ඇක්සලයේ විශාල oil cooled disc brakes සමග heavy-duty inboard planetary reduction units යොදා ඇත.

පහසුවෙන් භාවිතා කළ හැකි ක්ලච් එක

මෙහි ඇත්තේ ආයාසයකින් තොරව භාවිතා කළ හැකි, සරල ද්විත්ව ක්ලච් පද්ධතියකි. විශාල විශ්කම්භයක් සහිත cerametallic friction discs කල්පවතින ක්‍රියාකාරීත්වයක් සහතික කරන අතර, කාර්යක්ෂම ලෙස ලෙස බලය හුවමාරු කිරීම සඳහා ප්‍රමාණවත් මතුපිටක් එය සතු ය.

මැනැවින් ඉඩකඩ සහිත platform එකක්

සයිඩ් ශිෆ්ට් ගියර් පාලක සහ සස්පෙන්ඩඩ් බ්රේක් සහ ක්ලච් පැඩ්ල් මගින් වැඩි ඉඩකඩක් සමග දෙපා තබා ගැනීමට වැඩි ඉඩක් හිමි වේ. ක්‍රියාකරු සිටින ස්ථානය ඉතාමත් විධිමත් ආකාරයට සැලසුම් කර ඇති නිසා ඇතුළු වීම හා පිටවීමද පහසු ය

හෙවි ඩියුටි ඉදිරිපස ඇක්සලය

4WD මාදිලි වල යොදා ඇති, ‘limited slip differential’ සහිත ඉදිරිපස ඇක්සලය දුෂ්කර බිම් වලදී අතිරේක ඇදීමේ බලයක් ලබාදෙයි. Planetary reduction මගින් වැඩි බරක් ඇදීමේ හැකියාව ලැබෙන අතර, ලෝඩර් සහ වගාබිම් කටයුතු වලදී උපරිම ක්‍රියාකාරීත්වයක් ලබාදෙන ආකාරයට සැලසුම් කර තිබේ.

3 POINT LINKAGE

ලිෆ්ට් රොඩ් සහ ස්ටැබිලයිසර් සහිත ශක්තිමත් 3-Point linkage සැලසුම් කර ඇත්තේ අමතර උපාංග පහසුවෙන් සවිකළ හැකිවන පරිද්දෙනි.

Contact us